Monday, September 11, 2017

How to integrate eZ Cash with Payoneer

Payoneer ගිණුම  eZ Cash සමග සම්බන්ධකර ගැනිම



Payoneer කියන්නේ නොමිලේ ලබාදෙන ඔන්ලයින් බැංකු ගිණුමක්. ඒවගේම Payoneer ගිණුමක් ඔන්ලයින් ආරම්භකල පසු ගෙදරටම නොමිලේ debit කාඩ්පතක් ලැබෙනවා.


දැනටමත් ඔබට Payoneer ගිණුමක් නැත්නම් මෙතන ක්ලික් කර ගිණුමක් ආරම්භ කරන්න.

(Sign Up & Earn $25* ඔබගේ සත්‍ය තොරතුරු දෙන්න. මොකද කාඩ්පත ගෙදරටම නොමිලේ ලැබෙනවා.)

මෙච්චරකල් ශ්‍රීලාංකීක අපිට තිබුණ ගැටළුවක් තමයි Payoneer ගිණුමක් ආරම්භකර නොමිලේ කාඩ්පතක් ලැබුණත් එයට මුදල් එකතු කරගැනිම තමයි ගැටළුවක් වෙලා තිබුනේ.දැන් එකත්   eZ Cash  වලින් විසදලා දිලා.




මෙන්න මෙහෙමයි Payoneer ගිණුම  eZ Cash සමග සම්බන්ධකර ගන්නේ.

1.   පළමුව මෙතන ක්ලික් කර ඔබගේ පරිගණකයෙන් eZ Cash ගිණුමට ලොග් වෙන්න.
2.   ඔබගේ eZ Cash ගිණුම් අංකය (දුරකථන අංකය) ඇතුලත්කර Verify ක්ලික් කරන්න.

3.   දැන් ඔබගේ ජංගම දුරකථනයේ eZ Cash මෙනුව ඔන් වී, ඔබගේ eZ Cash පින් එක ඇතුලත්කරන ලෙස දිස්වේවි.

4.     එහි ඔබගේ eZ Cash පින් එක ඇතුලත් කර Send ක්ලික් කරන්න.


5.     ඒ සමගම ඔබ පරිගණකයෙන් eZ Cash ගිණුමට ලොග්වී සිටි තිරය වෙනස් වී පහත පරිදි Payoneer වෙත ලොග් වෙන ලෙස දැනුදෙනවා. එහි ඔබගේ නිවැරදිව Payoneer හි Username සහ Password සදහන්කර CONTINUE ක්ලික් කරන්න.

6.     නිවැරදිව ලොග් වුණානම් පහත පරිදි තිරය වෙනස් වේවි.


දැන් බලමු කොහොමද මුදල් eZ Cash වෙත ගෙන්වාගන්නේ කියලා
1.    දැන් ඔබගේ Dialog දුරකථනයෙන්(හෝ eZ Cash භාවිතාකරන දුරකථනයෙන්) #111# අමතන්න.
2.    එහි Foreign Remittances ට අදාල අංකය සදහන් කර Send ක්ලික් කරන්න.(  ඔබ භාෂාව සිංහල තෝරා ඇත්තනම් Videsha Mudal Labaganima )(මෙය අංක 7 හෝ 8 විය හැක)

3.    දැන් Payoneer Withdrawal ට අදාල අංකය සදහන් කර Send ක්ලික් කරන්න.(  ඔබ භාෂාව සිංහල තෝරා ඇත්තනම් Payoneer Mudal Labaganima)(මෙය අංක 2 විය හැක)

4.    දැන් ඔබට ගෙන්වාගත යුතු මුදල ඇමරිකානු ඩොලර් වලින් සදහන් කරන්න. (උදාහරණ $50) මෙහි මුදල ඉදිරියෙන් $ සලකුණ අනිවාර්යයෙන් යොදන්න. Send ක්ලික් කරන්න.

5.    නිවැරදි තාවය තහවුරු කරගැනිමට පින් එක ඇතුලත්කර Send ක්ලික් කරන්න.

6.    ඔබගේ eZ Cash වෙත මුදල් ලැබුණු බව SMS එකක් මගින් දැනුම් දිම සිදුවේ.


* Only funds in USD may be withdrawn to eZCash.
* Withdrawals to eZCash are free of charge until September 30, 2017, after which a 2% fee will apply.




How to integrate eZ Cash with Payoneer

Payoneer ගිණුම  eZ Cash සමග සම්බන්ධකර ගැනිම Payoneer කියන්නේ නොමිලේ ලබාදෙන ඔන්ලයින් බැංකු ගිණුමක්. ඒවගේම Payoneer ගිණුමක් ඔන්ලයි...