Monday, September 11, 2017

How to integrate eZ Cash with Payoneer

Payoneer ගිණුම  eZ Cash සමග සම්බන්ධකර ගැනිම



Payoneer කියන්නේ නොමිලේ ලබාදෙන ඔන්ලයින් බැංකු ගිණුමක්. ඒවගේම Payoneer ගිණුමක් ඔන්ලයින් ආරම්භකල පසු ගෙදරටම නොමිලේ debit කාඩ්පතක් ලැබෙනවා.


දැනටමත් ඔබට Payoneer ගිණුමක් නැත්නම් මෙතන ක්ලික් කර ගිණුමක් ආරම්භ කරන්න.

(Sign Up & Earn $25* ඔබගේ සත්‍ය තොරතුරු දෙන්න. මොකද කාඩ්පත ගෙදරටම නොමිලේ ලැබෙනවා.)

මෙච්චරකල් ශ්‍රීලාංකීක අපිට තිබුණ ගැටළුවක් තමයි Payoneer ගිණුමක් ආරම්භකර නොමිලේ කාඩ්පතක් ලැබුණත් එයට මුදල් එකතු කරගැනිම තමයි ගැටළුවක් වෙලා තිබුනේ.දැන් එකත්   eZ Cash  වලින් විසදලා දිලා.




මෙන්න මෙහෙමයි Payoneer ගිණුම  eZ Cash සමග සම්බන්ධකර ගන්නේ.

1.   පළමුව මෙතන ක්ලික් කර ඔබගේ පරිගණකයෙන් eZ Cash ගිණුමට ලොග් වෙන්න.
2.   ඔබගේ eZ Cash ගිණුම් අංකය (දුරකථන අංකය) ඇතුලත්කර Verify ක්ලික් කරන්න.

3.   දැන් ඔබගේ ජංගම දුරකථනයේ eZ Cash මෙනුව ඔන් වී, ඔබගේ eZ Cash පින් එක ඇතුලත්කරන ලෙස දිස්වේවි.

4.     එහි ඔබගේ eZ Cash පින් එක ඇතුලත් කර Send ක්ලික් කරන්න.


5.     ඒ සමගම ඔබ පරිගණකයෙන් eZ Cash ගිණුමට ලොග්වී සිටි තිරය වෙනස් වී පහත පරිදි Payoneer වෙත ලොග් වෙන ලෙස දැනුදෙනවා. එහි ඔබගේ නිවැරදිව Payoneer හි Username සහ Password සදහන්කර CONTINUE ක්ලික් කරන්න.

6.     නිවැරදිව ලොග් වුණානම් පහත පරිදි තිරය වෙනස් වේවි.


දැන් බලමු කොහොමද මුදල් eZ Cash වෙත ගෙන්වාගන්නේ කියලා
1.    දැන් ඔබගේ Dialog දුරකථනයෙන්(හෝ eZ Cash භාවිතාකරන දුරකථනයෙන්) #111# අමතන්න.
2.    එහි Foreign Remittances ට අදාල අංකය සදහන් කර Send ක්ලික් කරන්න.(  ඔබ භාෂාව සිංහල තෝරා ඇත්තනම් Videsha Mudal Labaganima )(මෙය අංක 7 හෝ 8 විය හැක)

3.    දැන් Payoneer Withdrawal ට අදාල අංකය සදහන් කර Send ක්ලික් කරන්න.(  ඔබ භාෂාව සිංහල තෝරා ඇත්තනම් Payoneer Mudal Labaganima)(මෙය අංක 2 විය හැක)

4.    දැන් ඔබට ගෙන්වාගත යුතු මුදල ඇමරිකානු ඩොලර් වලින් සදහන් කරන්න. (උදාහරණ $50) මෙහි මුදල ඉදිරියෙන් $ සලකුණ අනිවාර්යයෙන් යොදන්න. Send ක්ලික් කරන්න.

5.    නිවැරදි තාවය තහවුරු කරගැනිමට පින් එක ඇතුලත්කර Send ක්ලික් කරන්න.

6.    ඔබගේ eZ Cash වෙත මුදල් ලැබුණු බව SMS එකක් මගින් දැනුම් දිම සිදුවේ.


* Only funds in USD may be withdrawn to eZCash.
* Withdrawals to eZCash are free of charge until September 30, 2017, after which a 2% fee will apply.




Tuesday, December 1, 2015

Waruna Manjula


Waruna Manjula H.W.
SriLanka
Software Engineer & Web Developer
www.SriSoft.lk 
Mobile: 077 94 75 257
Email: warunamanjula@gmail.com
https://www.facebook.com/waruna.manjula
http://lk.linkedin.com/pub/waruna-manjula/67/b36/497
https://plus.google.com/u/0/105893502598741469339
Best Knowledge of Language 
     






Saturday, October 3, 2015

Admin Password මතක නැතිනම්

Admin Password මතක නැතිනම් ඔබගේ වටිනා තොරතුරු නැවත භාවිතයට ගත නොහැකි වනවා නේද?

Admin Password මතක නැති වුනොත් මොකද කරන්නේ ....
මෙන්න හොදම විසදුම (විනාඩි 5යි)
අමතර සොෆ්ට්වෙයාර් ඕන නෑ. කරලා බලන්න. එත් කවදාවත් අනුන්ට කරදරයක් කරන්න මේවා කරලා බලන්න එපා.

1. පරිගණකය ඹන් කරලා වින්ඩොස් DVD එක තියෙනවනේ එකෙන් බුට් කරන්න. (බුට් කරනවා කිව්වම දන්නවනේ. පරිගණකය පළමුව RUN වෙන DRIVER එක විදියට DVD Rom එක දිලා DVD එකෙන්  RUN වෙන්න දෙන්න. ) සාමාන්‍ය විදියට වින්ඩොස් වල මුල කොටස ගොස් ඔබට පහත පරිදි තිරය දිස් වු පසු එහි Repair your Computer ලින්ක් එක් ක්ලික් කරන්න.


ඊට පස්සේ සුළු වේලවක් හාඩ් එක ස්කැන් වෙනවා. Next කරන්න. එවිට පහත පරිදි තිරය දිස්වෙවි.
එහි Command Prompt ක්ලික් කරන්න.

මෙච්චර වෙලා කලේ මෙහෙයුම් පද්ධතිය තුලට යන්නේ නැතුව Command Prompt එක ඔන් කරගැනිම. වෙනත් ක්‍රම තියෙනවා. එත් අධුනිකයන්ට වඩා හොද මේ ක්‍රමය.

2. Command Prompt එකේ පහත පරිදි ටයිප් කරලා එන්ටර් කී එක ඔබන්න.

copy c:\windows\system32\sethc.exe c:\
සැ.යු. මෙහි C:\ යන්න පරිගණකය ෆොමැට් කරලා දිපු පිලිවෙල අනුව තමයි සැකසෙන්නේ.
1 file(s) copied. කියලා ආවා නම් හරි. එහෙම ආවේ නැත්නම් C:\ වෙනුවට D:\ යොදාබලන්න.

මේ කොටස ගැන වැඩි විස්තරයක් කියනවනම් sethc.exe කියන්නේ පරිගණකයේ යුසර් එකවුන්ට් වල පස්වර්ඩ් එහෙම තියෙන ෆයිල් එක. අපි  c:\windows\system32\sethc.exe ඇති ෆයිල් එක c:\ වලට කොපියක් දාපු එක තමයි කලේ. ඒ නැවත ඒ ෆයිල් එක අවශ්‍ය වන නිසා. එක අන්තිමට කියන්නම්.

3. ඊළගට අපි c:\windows\system32\sethc.exe එක තිබුන තැනට Command Prompt එක දාමු. එකට පහත කොඩ් එක ටයිප් කරලා එන්ටර් කී එක ඔබන්න.
copy c:\windows\system32\cmd.exe c:\windows\system32\sethc.exe
 මතක තියාගන්න ඉහල කොටසට C:\ වෙනුවට D:\ යෙදුවනම් මේ කොටසටත් ඒ විදියට C:\ වෙනුවට D:\ යොදන්න (හෝ අදාල Driver එක)

 මේ පියවර දෙක හරියට කලානම් පහත පරිදි තියෙන්න ඕන.
Replace කරන්නද කියලා අහවි. Yes ටයිප් කරලා එන්ටර් කී එක ඔබන්න.

 හරි දැන් Restart කරන්න.(DVD එක ඉවත්කරන්න.) දැන් පාස්වර්ඩ් ගහන්න ඕන තැනට ආවම Shift කී එක 5 වතාවක් ඔබන්න.එතකොට Command Prompt එක ඔපන් වෙවි. (එහෙම Command Prompt එක ඔපන් වෙන්නේ නැතිනම් කලින් පියවර නිවැරදිව කරලා නැහැ. නැවත උත්සහා කරන්න.)

4. එහි පහත කොඩ් එක ටයිප් කරන්න.
net user warunamanjula MyNewPassword

මෙහි නිවැරදිව හිස්තැන් තබන්න.(net user වචන දෙකක්)
net user හිස් තැනක් (පරිගණක තිරයේ ඉහතින් දිස්වෙන යුසර් නේම් එක) හිස් තැනක් (අළුතින් පාස්වර්ඩ් එකක් උදා. 123456) යොදා එන්ටර් කරන්න.
 වැඩේ හරියට කලානම් The command completed successfully. විදියට  පහතින් දිස්වේවි. දැන් Command Prompt එක Close කරලා දැන් අළුතින් යොදපු පාස්වර්ඩ් එක (උදා. 123456)  යොදා ඇතුල් වෙන්න පුළුවන්.

කොහොමද වැඩේ විනාඩි 5ක්වත් ගියේ නෑ නේද? මම ඔබගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා මෙය වැරදි වැඩ සදහා යොදා නොගන්නා ලෙස.

හරි තාම ඉවර නෑ. අර C:\ වලට දාපු sethc.exe ෆයිල් එක නැවත තිබුන තැනට Cut & Paste කරන්න. අවශ්‍යනම් පාස්වර්ඩ් වෙනස් කරගන්න.

කොහොමද හොදයිද වැඩේ. කරලා බලලා ඔබේ අත්දැකිමත් Comment  එකක් විදියට දන්න කෝ.

දිගටම රැදි ඉන්න ඊළගට කියලා දෙන්නම් ඊ-මේල් එකක් ආවම එවපු කෙනා ඉන්න තැන හොයන ක්‍රමය.










How to integrate eZ Cash with Payoneer

Payoneer ගිණුම  eZ Cash සමග සම්බන්ධකර ගැනිම Payoneer කියන්නේ නොමිලේ ලබාදෙන ඔන්ලයින් බැංකු ගිණුමක්. ඒවගේම Payoneer ගිණුමක් ඔන්ලයි...